ශ්‍රී ලංකාවෙන් අලුත් කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදයක් !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

 

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප‍්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කර සිටී .

මේ වන විට සොයා ගෙන ඇති නව ඩෙල්ටා අනු ප්‍රභේදය B.1.617.2.104 බවද  ආචාර්ය චන්දිම ජිවන්දර ප්‍රකාශ කර සිටි.

මිට පෙරද මෙරටින් ඩෙල්ටා අනු ප‍්‍රභේදයක් හඳුනා ගනු ලැබූ අතර එය හඳුන්වන්නේ B.1.617.2.287ලෙසයි.

“සිදුකරන ලද නවතම ජාන විශ්ලේෂණ වාර්තාවක් අද දිනයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දෙනු ලැබුවා. එහිදී ශ්‍රී ලංකාවට ආවේනික ඩෙල්ටා අනු ප්‍රභේදයක් හඳුනා ගෙන ඇත .

මේ පිළිබඳව අදහස් දැක්වූ ජීවන්දර මහතා මෙසේද පැවසීය ,

AY 104 අනු ප්‍රභේදය අපි පළමුවෙන්ම හඳුනා ගත්තේ ඉකුත් ජුලි මාසයේදී. එහි නාමකරණය ලැබීම කල් ගත වෙනවා. ඒ අනුවයි අද දිනයේදී අපි මේ සම්බන්ධයෙන් නිවේදනය කලේ. මේ අනු ප්‍රභේදය වැඩියෙන්ම වාර්තා වුනේ උතුර, උතුරුමැද සහ දකුණු පළාත තුලින්.

මේ අනු ප්‍රභේදවල හැසිරීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සොයා බැලීමට අදාළ පර්යේෂණාගාර පහසුකම් නැහැ. අපිට පළමුවෙන් AY 28 අනු ප්‍රභේදය වාර්තා වුවාට පසුව අපි ඒ සාම්පල් කිහිපයක් හොංකො හි පිහිටි පර්යේෂණාගාරයකට යැව්වා.

ඩෙල්ටා ප්‍රභේදයේ අනු ප්‍රභේද නිසා කොවිඩ් ආසාදිතයින්ගේ රෝග ලක්ෂණවල වෙනස්කමක් හෝ පැතිරවීමේ හැකියාවක් පෙන්නුම් කරන්නේ නැහැ”