ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් 1000 පනී

Picture of අසංක

අසංක

මෙරටින් හමුවූ කොවිඩ්-19 හෙවත් නව කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව අද (19) දහස ඉක්මවීය.

ඒ අනුව මෙතෙක් හමුවූ වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 1020කි.

අද පස්වරු 6 වනවිට හමුවූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 28 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

අද දිනය තුළ පුද්ගලයින් 10 දෙනෙක් පූර්ණ සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 569 ක්.

රෝගීන් 442ක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටියි.

මෙරට තුළ නව කොරෝනා ආසාදනය හේතුවෙන් පුද්ගලයන් 9 දෙනකු ජීවිතක්ෂයට පත්විය.