ශ්‍රී ලංකාව සතු නිල සංචිත වත්කම් වටිනාකම පසුගිය ජනවාරි මස අවසානයේදී ,ඇමෙරිකානු ඩොලර් මිලියන 777.57 කින් පහල ගොස් ඇත.
ජනවාරියේ වත්කම් වටිනාකම ඩොලර් මිලියන 6,141.65 ක් ලෙසින් සටහන් වූ අතර , 2018 දෙසැම්බර් 31 දින අවසානයේ දී පැවති සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 6,919.22 ක් විය.
2019 ජනවාරි මාසය අවසානය වන විට පැවති දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඉදිරි මාස 3.4 ක ආනයන ආවරණය කර ගැනීමට පමණක් ප්‍රමාණවත් බව මහා බැංකුව ප්‍රකාශ කර සිටී.
පැතුම් වික්‍රමරත්න