ශ්‍රී ලංකාවේ සංවර්ධන සහයෝගීතාවය වෙනුවෙන් ඉන්දියානු රජය ඉදිරියටත් ඇප කැපවී කටයුතු කරන බව නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ. ජේකබ් මහතා ප්‍රකාශ කර සිටී ..
උතුරු සහ දකුණු පළාතේ ග්‍රාම ශක්ති නිවාස ව්‍යාපෘතීන් සහ ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 තුළ ම ක්‍රියාත්මක ආදර්ශ ගම්මාන නිවාස යෝජනා ක්‍රමය සඳහා වන ව්‍යාපෘති සම්පාදක කමිටු රැස්වීමට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය .
මෙම වැඩසටහන් යටතේ ඉන්දීය සහ ශ්‍රී ලංකා රජයන් දිවයින පුරා නිවාස 2400ක් ඉදි කරනු ලබයි. මෙම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරනු ලබන සහකරු වන්නේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියයි. ශ්‍රී ලංකා රජයේ අනෙකුත් අදාළ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු වන්නේ නාගරික සංවර්ධන සහ නිවාස සහ සංවර්ධන අමාත්‍යාංශය, ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, මුදල් අමාත්‍යාංශය සහ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුවයි.
කොවිඩ්-19 වසංගතය විසින් මතු කරන ලද අභියෝගයන් ජය ගැනීම උදෙසා මෙම නිවාස යෝජනා ක්‍රමයන් හතරට අදාළ මුල් අවබෝධතා ගිවිසුම් 2020 දෙසැම්බර් මාසයේදී සංශෝධනය කෙරිණ. කොවිඩ්-19 වසංගතය විසින් මතු කරන ලද සීමාවන්හි බලපෑම ව්‍යාපෘති සම්පාදක කමිටු රැස්වීමේදී සාකච්ඡා කරන ලද අතර ඒවාට විසඳුම් ලෙස තීරණ රැසක් ද ගන්නා ලදී. දිස්ත්‍රික්ක හතරක නිවාස ව්‍යාපෘතීන් අවසන් කොට භාර දී ඇති අතර මීළඟ අදියරේදී බදුල්ල, මාතලේ සහ වවුනියාව යන දිස්ත්‍රික්කවල අමතර නිවාස ඒකක සාදා අවසන් කර ප්‍රතිලාභීන්ට භාර දීමට අපේක්ෂා කෙරේ.
2021 ජනවාරි 28 වන දිනට යෙදුණු දුරුතු පොහොය දිනයේදී ඉන්දියාවේ සිට කොවිෂීල්ඩ් එන්නත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරව පැවති ප්‍රථම ව්‍යාපෘති සම්පාදක කමිටු රැස්වීම මෙය වේ. කොවිඩ්-19 එන්නත් සැපයුම් සම්බන්ධයෙන් දෙරට අතර සමීප සහයෝගීතාවය සහ ශ්‍රී ලංකාවේ එන්නත්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් ද මෙම රැස්වීමේදී සුබවාදී අදහස් ප්‍රකාශ කෙරිණ. අසල්වාසී රාජ්‍යයන්ට ප්‍රමුඛත්වය දෙමින් කොවිඩ් එන්නත් සමස්ත මනුෂ්‍ය වර්ගයා සමඟම බෙදා හදා ගැනීමට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් ලබා දී ඇති උපදෙස් අනුව එවන් සහයෝගීතාවයක් පවත්වා ගෙන යන බව නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේය.
. දිවයින පුරා ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතීන් ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන ජනතා කේන්ද්‍රීය, ප්‍රජා මූලික සංවර්ධන ආධාර වැඩසටහන් හි කොටසකි. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ලබා දී ඇති සංවර්ධන සහයෝගීතාවයන්හි සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 3.5ක් පමණ වන අතර එයින් ඇමරිකානු ඩොලර් මිලියන 560ක් ප්‍රදාන වශයෙන් ලබා දී ඇත. ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතීන් අධ්‍යාපනය, පර්යේෂණ සහ පුහුණු කිරීම්; සෞඛ්‍ය සහ වෛද්‍ය සේවා; කාර්මික සංවර්ධනය; ජීවනෝපාය සහ නිවාස; ප්‍රවාහන; වෘත්තීය පුහුණුව සහ කලා, ක්‍රීඩා සහ සංස්කෘතිය වැනි විවිධ ක්ෂේත්‍රයන්හි පැතිර පවතී.