ශ්‍රී ලංකාවේ සතුට මේ වසරේදී ඉහළ ගිහින් – ජගත් සංවිධාන වාර්තාවක් හෙළිකරයි

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ලෝකයේ සතුටින් සිටින රටවල් අතර 129 වන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකි වී ඇති අතර ඒ අනුව ඉකුත් වසරට සාපේක්‍ෂව  එම දර්ශකයේ ,එක් ස්ථානයක් ඉදිරියට පැමිණීමටද මෙරටට හැකිවී ඇත .

ජාත්‍යන්තර සතුටු දිනය ඊයේ දිනයට යෙදී තිබු අතර ඒ වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේද අනුග්‍රහයෙන් ලෝකයේ සතුටින් සිටින රටවල් සම්බන්ධයෙන් වාර්ෂිකව නිකුත් කල සමීක්‍ෂණ වාර්තාවේ මේ බව සඳහන්ව ඇත .

මෙම දර්ශකය තුල   ඉන්දියාව පසුවන්නේ 139වන ස්ථානයේ වන අතර .ලොව වඩාත්ම සතුටින් සිටින රට බවට මෙවර පත්ව ඇත්තේ ෆින්ලන්තයයි. ඩෙන්මාකය එහි දෙවන ස්ථානයේත්, ස්වට්ස්ර්ලන්තය තුන්වන ස්ථානයේ පසුවේ.

. නවතම සටහනේ පළමු රටවල් 10න් 09ක්ම යුරෝපා රටවල් වන අතර ඉන් බාහිර එකම රට වන්නේ නවසීලන්තයයි. ආසියාතික රටවල් අතරින් ඉදිරියෙන් සිටින්නේ සිංගප්පූරුවයි ඔවුන් 32 වන ස්ථානයේ පසුවේ..

2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ රටවල් 149ක සමාජ තත්ත්වයන් පුද්ගලික නිදහස සහ දළ දේශීය නිෂ්පාදනය ඇතුලු කරුණු රැසක් පිළිබඳ අවධානය යොමු කර මෙම දර්ශකය සකසා ඇත , ඇමරිකාවට මෙහි හිමිව ඇත්තේ 19 වන ස්ථානයයි .

. මෙම නවතම ලැයිස්තුවේ අවසාන ස්ථානයට හිමිකම් කියන්නේ  ඇෆ්ගනිස්ථානයයි.

සම්පූර්ණ වාර්තාව …