ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 10% කට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තීරණය කර ඇත
එම සංවිධානය ක්‍රියාත්මක කරන අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් වෙත කොරෝනා මර්දන එන්නත් බිලියනයක් ලබාදීමේ වැඩසටහන යටතේ මෙම එන්නත් ලබාදීමට සැලසුම් කර ඇත
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අද දින සඳහන් කළේය .
කොවැක්ස් නම් වූ එම වැඩසටහන යටතේ අඩු සහ මධ්‍යම ආදායම් ලාභී රටවල් වෙනුවෙන් කොරෝනා මර්දන එන්නත් බිලියනයක් වෙන්කර ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩනොම් ඊයේ නිල වශයෙන් නිවේදනය කර තිබේ.
එම වැඩසටහනට අයත් රටවල් සංඛ්‍යාව 189 කි.