ශ්‍රී ලංකාව තුල පවතින්නේ ආසියාවේ දරුණුම ‘ආහාර උද්ධමනයද’?

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

රට තුළ මේ වන විට පවතින ඉහළ උද්ධමනය   ආසියාවේ පවතින දරුණුතම “ආහාර උද්ධමනය” ලෙසම සැලකිය හැකි බව . ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යන හා වාණිජ විද්‍යා පීඨයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය ජනක් කුමාරසිංහ මහතා ප්‍රකාශ කර සිටී .

පවතින උද්ධමනකාරී තත්ත්වය තවදුරටත් ඉහළයාමට ඉඩ නොදී පාළනය කිරීමට නොහැකිවුවහොත් සමස්ථ ආර්ථිකයට නොසිතූ ආකාරයේ බලපෑමක් ඇතිවිය හැකි බවද ජනක් කුමාරසිංහ මහතා මාධ්‍ය වෙත  පැවසීය .

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය .

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව පසුගිය සැප්තැම්බර් මාසයේ සියයට 6 යි දශම 2 ක් ලෙස පැවැති, වාර්ෂික ලක්ෂමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සියයට 8 යි දශම 3 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන් ඉහළ යාම බලපා ඇති බවයි මහ බැංකුව පවසන්නේ. පසුගිය සැප්තැම්බර් මාසයේ දී සියයට 10 ක් ලෙස පැවැති ආහාර කාණ්ඩයේ උද්ධමනය පසුගිය ඔක්තෝම්බර් මාසයේදී සියයට 11 යි දශම 7 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 3 ක් ලෙස පැවැති අතර ඔක්තෝම්බර් මාසය වනවිට එම අගය සියයට 5 යි දශම 4 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. මෙම තත්ත්වය යටතේ ඉදිරියේදී පොලී අනුපාතය ඉහළ දමනු ඇති බවට ද ඇතැමුන් මත පළ කළා.  පොලී අනුපාත ඉහළ දැමීමෙන් පවතින උද්ධමනකාරී තත්ත්වය පාලනය කළ නොහැකියි . වසංගත තත්ත්වයක් පවතින අවස්ථාවක වැරදි ආර්ථික ප්‍රතිපත්ති අත්හදා බැලීමට යාම පවතින ආර්ථික ගැටළුවලට හේතුවී ඇති බව පේනවා .