ශ්‍රී ලංකාව පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහකොමසාරිස් මිෂෙල් බැචලේ මහත්මියගේ වාර්තාව අද දිනයේ සාකච්ඡාවට ගැනීමට නියමිතය.
මෙම වාර්තාව තුල මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වයට අදාලව චෝදනාත්මක ස්වරූපයෙන් කරුණු කිහිපයක්ම දක්වා ඇත
මූලික ලෙස ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය, සංහිඳියාව සහ මානව හිමිකම් පිළිබඳ මෙම වාර්තාව මගින් කරුණු ඉදිරිපත් කර තිබේ.
මෙවර සැසිවාරය තුළ ශ්‍රී ලංකාව පිළිබඳව මධ්‍ය ගත රටවල් කණ්ඩායම වන මහා බ්‍රිතාන්‍ය, ජර්මනිය, කැනඩාව, මොන්ටනිගෝ රාජ්‍ය ,උතුරු මැසඩෝනියාව, සහ මලාවි යන රටවල් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
.