ශ්‍රී ලංකාව පිළිබඳ ජිනීවා ඡන්ද විමසීම අද

Picture of අසංක

අසංක

ජීනිවා මානව හිමිකම් කවුන්සිලය වෙත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් රටවල් කිහිපයක් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් වන ඡන්ද විමසීම අද (22) පැවැත්වේ.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 3.00ට පසුව එම ඡන්ද විමසීම පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවූයේ යැයි පවසමින් කරුණු ඇතුළත් කරමින් එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

අද දිනයේ ඒ ඒ රටවල් මේ සම්බන්ධයෙන් අදහස් පළ කිරීමෙන් අනතුරුව ඡන්ද විමසීම පැවැත්වෙන බව වාර්තා වේ.

මේ අතර එම ඡන්ද විමසීමෙන් අනතුරුව ඊට පිළිතුරු ලෙස විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් රජයේ ස්ථාවරය ඉදිරිපත් කිරීමට නියමිතය.