ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරඟාවලිය දින කිහිපයකින් කල් යයි !

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

ශ්‍රී ලංකා සහ ඉන්දීය කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතව තිබූ එක්දින සහ 20-20 තරඟාවලිය දින කිහිපයක් කල්දැමීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව එළඹෙන 13 දින ආරම්භවීමට නියමිතව තිබු මෙම තරඟාවලිය 17 දින දක්වා කල්යාමට ඉඩ ඇති බව  දැනගන්නට ඇත .

ඒ, කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ජී. ටී. නිරෝෂන් කොවිඩ් ආසාදිත බවට තහවුරුවීමත් සමගය.