ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම් අද ඩුබායිහි දී තරග වදී

Picture of Roshan

Roshan

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරගය ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායම සමග අද (28) පැවැත්වීමට නියමිතය.

මෙවර තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ පළමු කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගී වු පළමු තරගය බංග්ලාදේශයට එරෙහිව කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

අබාධයක් හේතුවෙන් බංග්ලාදේශයට එරෙහි තරගයේ ක්‍රීඩා නොකළ දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ අද තරගයට ක්‍රීඩා කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායමට ඕන කෙනෙක්ව පරාජය කළ හැකි හොඳ ශක්තියක් ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර මේ දක්වා විස්සයි විස්ස තරග 16ක් පවත්වා ඇති අතර තරග 8 බැගින් කණ්ඩායම් දෙකම ජයගෙන තිබේ.