වසර දහයකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පකිස්තානයේ සිදුකරන සංචාරයේදී ත්‍රස්තවාදී තර්ජනයක් ඇතිවිය හැකි බවට මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලය හරහා විශ්වාසදායක තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.මේ මේ හේතුවෙන් පකිස්තාන තරග සංචාරයට පෙර එරට ආරක්ෂක තත්ත්වය පිළිබඳ ‘නැවත තක්සේරුවක්’ සිදුකිරීමට සහාය ලබා දෙන ලෙස ක්‍රිකට් ආයතනය රජයෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් ට්විටර් පණිඩියක් නිකුත් කරේ තිබේ.
එළඹෙන පකිස්තාන සංචාරයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය. එවැනි ත්‍රස්ත තර්ජනයක් සම්බන්ධයෙන් මෙරට අග්‍රාමාත්‍ය කාර්යාලයට විශ්වාසදායක තොරතුරු ලැබී ඇති බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේය
එම නිසා, එම සංචාරය ආරම්භ කිරීමට පෙර එරට ආරක්ෂාව පිළිබඳ යළි තක්සේරුවක් අවශ්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැපයෙන ආරක්ෂාව පිළිබඳ ක්‍රීඩකයන් දැනුවත් කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පසුගිය දා පැවැත් වුණි.
එහිදි ලසිත් මාලිංග,ඇන්ජලෝ මැතීව්ස්,දිමුත් කරුණාරත්න,දිනේෂ් චන්දිමාල්,තිසර පෙරේරා,කුසල් ජනිත් පෙරේරා,අකිල ධනංජය,සුරංග ලක්මාල්,ධනංජය ද සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයින් පාකිස්තාන සංචාරයට එක්වීම සඳහා අකමැත්ත පළ කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
Update: Sri Lanka's Tour of Pakistan #PAKvSL
— Sri Lanka Cricket 🇱🇰 (@OfficialSLC) September 11, 2019
SLC has been advised to take extreme care, and ‘reassess’ the situation, before embarking on the Pakistan tour. https://t.co/8eYSuiWjog