පළමු තරගය පරාජය වූවත් හෙට ආරම්භ වන තරගයට යහපත් මානසික මට්ටමකින් මුහුණදීමේ සූදානමින් සිටින බව දිනේෂ් චන්දිමාල් පවසයි. ගාල්ලේදී ආරම්භ වන දෙවැනි හා අවසන් ටෙස්ට් තරගය පිළිබඳ අද (21දා) පැවැති මාධ්‍ය සාකච්ඡාකට එක්වෙමින් චන්දිමාල් මේ බව පවසා සිටියේය. වීඩියෝ තාක්‍ෂණය (Virtual Press Conference) ඔස්සේ පැවති මෙම සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අත්දැකීම් අඩුවීමද දිගින් දිගට අසාර්ථකවීමට හේතුවක් බවයි.
තවදුරටත් අදහස් දැක්වූ චන්දිමාල්,
‘පළමු තරගයේ පළමු දවසේ හැරෙන්න සෙසු දවස් හතරේ අපිට ඉතාමත් හොදින් ක්‍රීඩා කළා. ඒ නිසා හෙට තරගයට ඉතාමත් හොඳ සූදානමක් තියෙනවා. ඒ වගේම කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවෙයි. කණ්ඩායමක් ලෙස හොදින් පුහුණුවීම් වුණා. හොද මානසික මට්ටමකින් ඉන්නවා තරගය සඳහා.