ශ්‍රී ලංකා සමඟ සබඳතා ශක්තිමත් කරන බව යුරෝපා සංගමය කියයි

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර ද්විපාර්ශවික වෙළඳ සබඳතා තවදුරටත් ශක්තිමත් කොට ව්‍යාප්ත කිරීමට කටයුතු යොදන බව එම සංගමයේ බාහිර ක්‍රියාකාරී සේවයේ (EEAS) ආසියා පැසිෆික් කලාප කළමණාකාර අධ්‍යක්ෂ ගුනාර් විගන්ඩ් මහතා අවධාරණය කර සිටී.

දේශපාලන, ආරක්ෂක හා ආර්ථික ක්ෂේත්‍රයන්හි අඛණ්ඩ සහයෝගීතාව වර්ධනය කිරීමටද කටයුතු යොදන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපතිනි ග්‍රේස් අසිර්වාතම් මහත්මිය සමග බ්‍රසල්ස් හීදී පවතී සාකච්ජාවකදී විගන්ඩ් මහතා පැවසීය .

විගන්ඩ් මහතා ලබන වසරේදී යුරෝපා සංගමය හා ශ්‍රී ලංකා අතර ඒකාබද්ධ කොමිෂන් සභාවේ සම සභාපති ධුරය දැරීමට පත්වීමටද නියමිතව ඇත .

පසුගිය වසර කිහිපය තුළ යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා සබඳතාවල ධනාත්මක ගමන් මඟ පිළිබඳවද මෙහිදී විගන්ඩ් සඳහන් කළ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාවට ලබා දෙන සහයෝගය මෙන්ම ජීඑස්පී + පහසුකම වඩාත් හොඳින් භාවිතා කිරීමට අදාළ සහය ලබාදෙන බවද ඔහු පැවසීය