ශ්‍රීලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලි විජේනායක අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා නියෝග කරයි.
ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට ය.
මුදල් විශුද්ධිකරණ පනත යටතට ගැනෙන චෝදනා යටතේ ඔවුන් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවත්වන විමර්ශනවලට අදාළව මෙම නියෝගය කර ඇත.
ශ්‍රීලංකන් ගුවන් සේවයට එයාර් බස් මිලදී ගැනීම සඳහා සිදු කළ ගනුදෙනුවකට අදාළව සිදු වූ අක්‍රමිකතාවක් මෙම විමර්ශනයට හේතු වී ඇත.