ශ්‍රී ලාංකික තරුණයෙකු , ඉන්දියාවේදී අතුරුදන්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ශ්‍රී ලාංකික තරුණයෙකු , ඉන්දියාවේ චෙන්නායි නුවරදී අතුරුදන්ව ඇත. .

සති කිහිපයක සිට මෙම ශ්‍රී ලාංකික තරුණයා මෙලෙස අතුරුදන්ව ඇති බව පැමිණිලි ලැබී ඇති බව ඉන්දීය පොලිසිය එරට මාධ්‍ය වෙත ඊයේ සඳහන් කර ඇත

අදාල තරුණයා ශ්‍රී ලංකාවේ සිට බැංගලෝර් ගුවන් තොටුපලට ගොස් ඇති අතර පසුව යලි චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් ඇති නමුත් එතැන් සිට කිසිදු තොරතුරක් නොමැති බව ඉන්දීය පොලිසිය සඳහන් කර සිටී .

එම තරුණයාගේ ඥාතීන් විසින් චෙන්නායි ගුවන් තොටුපල පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් සිදුකර ඇති පොලිසිය මේ පිලිබඳ පරීක්ෂණ ආරම්භ කර ඇත