ශ්රී ලංකා පොදු ජන පෙරමුණට සහය පළකර ඇති ශ්රීලනිප පළාත් පාලන නියෝජිතයින් කිහිපදෙනෙකුගේ මන්ත්රීධූර අහෝසි කිරීමට ශ්රීලනිප බලධාරීන් කටයුතු යොදා ඇත.
මේ පිළිබඳව මැතිවරණ කොමිසමටද දන්වා ඒ හරහා ගැසට් නිවේදනයක් මගින්ම මෙම මන්ත්රී ධූර අහෝසි කිරීමට කටයුතු සැලසුම් කර ඇති බවටද තොරතුරු වාර්තාවේ.
මෙම මන්ත්රීවරුන් පක්ෂය හැරගියා සේ සලකා මෙලෙස ධූරයන්ගෙන් පහකිරීමට කටයුතු යොදා ඇති අතර ඒ වෙනුවට වෙනත් මන්ත්රීවරු දෙදෙනෙකුගේ නම් දැනටමත් යෝජනා වී ඇති බවද වාර්තාවේ.
මේ අතරම පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් සියලුම ශ්රීලනිප සාමාජිකයින්ට නිදහසට කරුණු දක්වන ලෙස දන්වා ලිපියක් යොමු කිරීමට ශ්රීලනිප බලධාරීන් තීරණය කර ඇත.
මෙහිදී නිදහසට කරුණු දැක්වීම සඳහා සති දෙකක සහන කාලයක් ලබාදීමටද සැලසුම් කර ඇති බව වාර්තාවේ,