ශානිගේ අවසන් සාක්ෂිය රෝහලේදී – පාස්කු කොමිසමේ වාර්තාව 31 වෙනිදා

Picture of අසංක

අසංක

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන්න ජනාධිපති කොමිසම ඉදිරි සතියේ දින දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වැඩ තහනමට ලක්වූ හිටපු අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි අබේසේකර මහතාගෙන් සාක්ෂි විමසීමට තීරණය කර තිබේ.

ඒ අනුව රෝහල්ගතව සිටින ශානි අබේසේකර මහතාගෙන් එම සාක්ෂිය විමසනු ලබන්නේ රෝහලේ සිට බව වාර්තා වේ.

ජනාධිපති කොමිසම විසින් සාක්ෂිකරුවකු ගෙන් රෝහලකදී මෙලෙස සාක්ෂි ලබා ගැනීම සිදු කරනුයේ පළමු වතාවට වන අතර එම කොමිසම ලබා ගන්නා අවසන් සාක්ෂිය ද මෙයයි.

දින දෙකක් පුරා ඔහුගෙන් සාක්ෂි විමසීමට නියමිතය.

ලබන 31 වැනිදා නිකුත් කිරීමට නියමිත පාස්කු කොමිසමේ අවසන් වාර්තාවට ශානි අබේසේකර මහතාගේ මෙම සාක්ෂිය ඉතාම වැදගත් බව ද කොමිසමේ ආරංචි මාර්ග පවසයි.