පැතුම් වික්රමරත්න
හෙට සිට කොත්තු සහ රෝල්ස්, පරාටා වැනි කෙටි ආහාරවල මිලද ඉහළ දැමීමට සිදුවන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි . එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසන්නේ තිරිඟු පිටි මිල දරාගත නොහැකි ප්රමාණයකින් ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවන බවය.
ඒ අනුව කොත්තුවක මිල රුපියල් 10 කින් ඉහළ දමා ඇති අතර රෝල්ස්, පරාටා වැනි ආහාර වර්ගවල මිල රුපියල් 05 කින් ඉහළ දමා තිබෙ.
තිරිඟු පිටි මිල රුපියල් 17 කින් ඉහළ දැමීමට සමාගම් තීරණය කළ අතර මිල වැඩිවීමෙන් පසුවද ප්රමාණවත් තරම් තිරිඟු පිටි තොග වෙළඳපොලේ නොමැති බවද අසේල සම්පත් මහතා පවසයි .