පළාත් සංචරණ සීමා අද අලුයම හතරේ සිට ඉවත් කෙරුනු අතර . නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා පැවති කොවිඩ් මර්දන කමිටුවේදී සදහන් කළේ.
කෙසේ වෙතත් පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළයුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා නැවත වරක් මාධ්‍ය වෙත අවධාරණය කර ඇත .
ජනතාව වගකීම් විරහිතව කටයුතු කළහොත් රට තුළ තවත් කොරෝනා රැල්ලක් ඇතිවීම වැළැක්විය නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද සඳහන් කර ඇත
මේ හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශයට පත් කර ඇති මාර්ගෝපදේශමාලාවන්ට අනුගතවීම සියළු ජනතාවගේ වගකීමක් බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ.
වගකීම් විරහිතව කටයුතු කළහොත් දෙසැම්බර් හෝ ජනවාරි මාසවලදී කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් අනිවාර්යයෙන්ම සිදුවන බවයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක සංගමය වැඩිදුරටත් සදහන් කළේ.