කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රට තුල සංචරණ සීමා තවදුටත් දැඩි කළ යුතු බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී.
දැනට ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදය බෝවීමේ හැකියාව ඉතා අධික බැවින් හැකිතරම් සංචරණ සීමා පැනවීම ඉතා වැදගත් බව එම සංගමය ප්‍රකාශ කර ඇත .
වෛරසය මර්දනය කිරීම සඳහා රට, දැඩි අවදානම් කලාපය සහ අඩු අවදානම් කලාපය යනුවෙන් කලාප දෙකකට බෙදා ඒ ඒ කලාපවලට සුදුසු පරිදි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවද එම සංගමයේ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා මාධ්‍ය වෙත පැවසීය .
තම සංගමය විසින් රජයට ඉදිරිපත් කර ඇති යෝජනාවලිය හරහා මෙම කරුණු අවධාරණය කළ බවද රණවීර මහතා පෙන්වා දෙ.
රටේ සෞඛ්‍ය පහසුකම් ඉතා සීමිත බැවින් එකවර රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වුවහොත් එය සෞඛ්‍ය කාර්යමණ්ඩලයට දරාගත නොහැකි වන බවත්, එසේ වුවහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයටද වෛරසය බෝවීමේ අවදානමක් මතුවන බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පෙන්වාදෙ