උත්සව සමයෙන් පසුව කොවිඩ් වසංගතය නැවතත් සීග්‍ර ලෙස රට පුරාම ව්‍යාප්ත වන බැවින් සංචරණ සීමා උපරිමයෙන් ක්‍රියාත්මක කර හෝ වසංගත තත්වය පාලනය කළයුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී
කෙතරම් අපහසු වුවත් එවැනි දැඩි තීරණය නොගෙන මෙම තත්වය පාලනය කළ නොහැකියැයි . එහි සභාපති උපුල් රෝහණ මහතා මාධ්‍ය වෙත අද පැවසීය .
අවම වශයෙන් දින 04 ක් වැනි සීමිත කාලයකට හෝ මෙලෙස දැඩි සංචරණ සීමා පැනවිය යුතු බවට තම සංගමය සෞඛ්‍ය අංශ වෙත යෝජනා ඉදිරිපත් කළ බවද ඔහු මෙහිදී පැවසීය .
මතුව ඇති තත්වය තවදුරටත් වර්ධනය වීමේ අවදානමක් තිබෙන බවත්, මේ නිසා ජනතාව දැඩි අවධානයෙන් පසුවිය යුතු බවත් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය . ඉදිරි වෙසක් උත්සව සමයේදී තොරණ, දන්සැල් වැනි ජනතාව එක්රැස් වන කිසිදු අවස්ථාවකට අවසර ලබා නොදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඒකමතිකව තීරණය කර තිබෙන බවද ඔහු පවසීය