සංචරණ සීමා පනවන කාලයේදීත්,ජංගම වෙළඳාමට අවසර

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සංචරණ සීමා පනවා ඇති කාල සීමාවල ජනතාවට අවශ්‍ය එළවළු, පළතුරු සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ජංගම රථ මගින් අලෙවි කිරිමට රජය  අවසර දී තිබේ.

කෙසේ වෙතත්ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරිම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කර සිටින්නේ , ඒ සඳහා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විශේෂ අවසර පත්‍රයක් ලබා ගත යුතු බවය

මේ සම්බන්ධයෙන්, සියලු ප්‍රාදේශීය ලේකම්වරුන්ට සහ ග්‍රාම නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් නිකුත් කර ඇති බව ද, ජනාධිපති කාර්ය සාධන බලකාය සඳහන් කළේ ය.

මේ අතර, අද සිට තොග වෙළදාම සඳහා පමණක්, පිටකොටුව තොග වෙළද සංකීර්ණය විවෘත කිරිමට තීරණය කළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ය.