සංචරණ සීමා මැද දහස් ගණනක් සහභාගි වූ අවමංගල උත්සවයක්

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

කොවිඩ් ව්‍යාප්තිය ඉතා සීග්‍රයෙන් ඉහලයමින්  තිබියදීත්  දහස් ගණනකගේ සහභාගීත්වයෙන් පැවති අවමංගල උත්සවයක් පිලිබඳව ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයෙන් වාර්තා වේ.

එම ප්‍රාන්තයද මේ වනවිට  හුදෙකලා කර ඇති අතර එසේ තිබියදී ජ්‍යෙෂ්ට ඉස්ලාම් පූජකයෙකුගේ අවංගල උත්සවය කිසිදු සෞඛ්‍ය නීතියක් අනුගමනය නොකරමින් පවත්වා තිබේ.

කාසි හස්රත් අබ්දුල් මොහමඩ් සලිමුල් කද්රි නමැති ඉස්ලාම් පූජකයා පසුගිය ඉරිදා දහවල් මියගොස් ඇති අතර ඉන්පසුව දහස් ගණන් ඉස්ලාම් ආගමිකයන් එම පූජකයාගේ අවමංගල උත්සවය සඳහා සහභාගි වී තිබේ.

ඔහු ප්‍රජාව තුළ වඩාත් ගෞරවයට පත්වූ අයෙකු නිසා මිනිසුන් ඒකරාශී වී ඇති බවත්, ඇඳිරි නීතිය, පොලිස් බාධක හා මුරපොලවල් තිබියදීත් මිනිසුන් මෙම අවමංගල්‍යයට සහභාගී වී ඇති බවත් සඳහන් වෙයි. ඒ අනුව මෙම අවස්ථාවේදී බලධාරීන්ද වගකීම් පැහැර හරමින් කටයුතු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත .