සංචාරක කර්මාන්තය සඳහා මෙතෙක් යොදානොගත්,සංචාරක ආකර්ෂණය 2,600ක් අලුතින් හඳුනාගැනීමට සංචාරක අමාත්‍යංශය පියවර ගෙන ඇත.
එම ස්ථාන කඩිනමින් සංවර්ධනය කිරීම සඳහා දැනටමත් පියවර ගෙන ඇති බවය අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය.
ගුවන් තොටුපල විවෘත කර සංචාරකයින් මෙරටට පැමිනීම ආරම්භ වීමත් සමග මෙම ස්ථාන 2,600 සංචාරක ආකර්ෂණ ලෙස වර්ධනය කිරීම සිදු කරන බවද අමාත්‍යවරයා පැවසීය.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල තුලින් එක්වර මෙරටට වැඩි සංචාරකයින් පිරිසකට පැමිණිමට හැකි පරිදි එහි සිදුකරන සංවර්ධන කටයුතු ද පුළුල් කරන බවද මෙහිදී අමාත්‍යවරයා පැවසීය.