දීර්ඝ කාලීනව රටට පැමිණෙන සංචාරකයින්ට පහසුකම් සලසමින්, මෙතෙක් දින 28ක් සඳහා පැවති වීසා කාලය මාස තුනක් දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර ඇත.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගී වෙමින් .සංචාරක කටයුතු අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව අද පැවසීය .
එළඹෙන 21 වැනිදා සිට සංචාරකයින්ට රට විවෘත වන හෙයින් ඊට සමගාමීව පළමු දින 14ක කාලය සඳහා නවතා තැබීමේ හෝටල් රට පුරා විහිදී යන ආකාරයට තෝරා ගෙන ඇති බවත්එ අමාත්‍යවරයා සඳහන් කළේය .
පළමු දින 14ක නිරෝධායන කාලයෙන් පසු සමාජය තුළ ඔවුන්ට සාමාන්‍ය පරිදි හැසිරීමට ඉඩ ලබා දෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
දීර්ඝ කාලීනව රටට එන සංචාරකයින් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර තිබෙන බවත් ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට කටයුතු කරන බවත් රණතුංග මහතා ප්‍රකාශ කරන ලදී.