පැතුම් වික්‍රමරත්න
දිවයින පුරා සිටින සංචාරක රියදුරන්, මඟපෙන්වන්නන් ඇතුළු සංචාරක සේවා සපයන්නන් කඩිනමින් ලියාපදිංචි කිරීමට රජය තීරණය කර ඇත
සංචාරකයන්ට රට විවෘත කිරීමට පෙර සංචාරක සේවා සපයන්නන් සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය බැවින් මෙම පියවර ගත් බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කර ඇත
ඒ අනුව සංචාරක සේවා සපයන්නන් ලියාපදිංචිය කඩිනම් කිරීම සඳහා අන්තර්ජාල ක්‍රමවේදයක් ද හඳුන්වා දී ඇත.
සංචාරක පනතේ 48(3) වගන්තිය අනුව දිවයින පුරා සිටින සියලුම සංචාරක සේවා සපයන්නන් සංචාරක සේවා අධිකාරියේ ලියාපදිංචි විය යුතු අතර මෙලෙස නිසි ලෙස ලියාපදිංචි නොවීම නිසා කොවිඞ් 19 වසංගත තත්වය හේතුවෙන් රජය ලබා දුන් සහන ලබාගැනීමට ඇතැමුන්ට නොහැකි වී ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය වෙත සඳහන් කර සිටියේය.