සංඥා නොතකා ගොස්  4ක් යට කළ අනතුරට  අත්අඩංගුවට ගත් විජේදාසගේ පුතාට ඇප

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

දම්පත් රණසිංහ
රාජගිරිය, වැලිකඩදී ඊයේ (20) රාත්‍රි සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ මහතා වැලිකඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
රඛිත රාජපක්ෂ මහතා රතු සංඥා නොතකා ගමන් කිරීම නිසා සිදුවූ එම අනතුර හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙක් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි. ඒ අතර ගැබිනි කාන්තාවක් ද වේ.
රාජගිරිය ගුවන් පාළම අසල දී බොරැල්ල සිට රාජගිරිය දෙසට ගමන් ගත් මෝටර රථයක් සහ බුත්ගමුව දෙස සිට ප්‍රධාන මාර්ගයට ඇතුළත් කළ ජීප් රථයක් එකිනෙක ගැටීමෙන් එම අනතුර සිදුව තිබේ.