සංවර්ධනයේ සෙවනැලි නොවැටුණ මාර්ග කි.මී. ලක්ෂයක් හදයි

Picture of අසංක

අසංක

රට පුරා පසුගිය වසර 10 තුළ කිසිදු ප‍්‍රතිසංස්කරණයක්, සිදුනොකෙරුණු මාර්ග කිලෝමීටර ලක්‍ෂයක් මෙම වසර තුළදී සංවර්ධනය කිරීමට රජය පියවර ගෙන ඇත.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.

මෙහිදී සංවර්ධනය කළ යුතු මාර්ග තෝරා ගැනීම ලකුණු ලබාදීමේ ක‍්‍රමවේදයක් යටතේ සිදුකිරීමට නියමිතය.

මාර්ගය ප‍්‍රයෝජනයට ගන්නා පවුල් 25ක් පමණවත් පදිංචිව සිටීම, රෝහලක්, වෙළඳපලක්, පාසලක් ආදී ස්ථානයකට ගමන් කරන මාර්ගයක්වීම ආදී නිර්ණායක සැළකිල්ලට ගනිමින් එම ලකුණු ලබාදීම සිදුකෙරේ

පළාත් සභාවල ද සහභාගීත්වය ඇතිව විදෙස් ආධාර ද ලබාගනිමින් මෙම ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා මාර්ග හා මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.