කොරෝනා වසංගතය හේතුවෙන් බිදවැටී ඇති සංචාරක කර්මාන්තය නංවාලීම සඳහා වු විශේෂ යෝජනාවලියක් එළඹෙන සතියේදී කැබිනට්මණ්ඩලයට ඉදිරිපත් කිරීම සඳහාකාර්මික අපනයන ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා අමාත්‍යංශය සැලසුම් කර ඇත.
මීට අදාළ කැබිනට් පත්‍රිකාව සැකසීම සඳහා මුදල් අමාත්‍යාංශය හා මහා භාණ්ඩාගාරය සමගද සාකච්ඡා කිරීමට අමාත්‍යංශය පියවර යොදා ඇත.
මෙම යෝජනාවලිය සඳහා කරුණු එක්රැස් කිරීමට සංචාරක ක්ෂේත්‍රයේ නියුතු හෝටල් හිමියන් සංචාරක මග පෙන්වන්නන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සමග සාකච්ජා කිරීමටද අමාත්යංශය දැනටමත් පියවර ගෙන ඇත.
සංචාරක ව්‍යාපාරයේ නිරත සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයින්ගේ සංගමය (ASMET) ශ්‍රී ලංකා හේටල් හිමියන්ගේ සංගමය (THASL) මාර්ගෝපදේශකයින්ගේ සංගමය, සංචාරක මග පෙන්වන්නන්ගේ සංගමය, සංචාරක රියදුරන්ගේ සංගමය වැනි සංගම් නියෝජිතයින් සමග ක්ශේත්‍රයේ ඉදිරි කටයුතු පිළිබද මෙම සාකච්ඡාව දැනට පැවත්වී ඇත.