සචිත්‍රගේ අපේක්ෂිත ඇප ඉල්ලීම ඉවතට

Picture of අසංක

අසංක

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙමින් තිබියදී තරඟ පාවාදීමක් සම්බන්ධයෙන් සිදු වූ කතාබහක් ගැන ලද පැමිණිල්ලකට අනුව ක්‍රීඩා වංචා විමර්ශන විමර්ශන පැවැත්වෙන පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දුන් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එහි පෙනී නොසිට අධිකරණයෙන් ඉල්ලා සිටි අපේක්ෂිත ඇපය අද ප්‍රතික්ෂේප වී තිබේ.

එම තරඟ පාවාදීම සම්බන්ධයෙන් කෙරුණු කතාබහට අදාළව ශිල්පීය කණ්ඩායම් දෙකක් නියෝජනය කරන ලද ක්‍රීඩකයන් දෙදෙනෙක් ඇතුළු කිහිප දෙනෙකුගෙන් ක්‍රීඩා වංචා විමර්ශන ඒකකය ප්‍රකාශ ලබා ගෙන තිබේ.

මෙම තරඟ පාවාදීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබී තිබේ.

මේ පිළිබඳ දීර්ඝ විමර්ශනයක් සිදු කෙරෙමින් තිබූ අතරතුර සචිත්‍ර සේනානායකගේ ජංගම දුරකථනය බාරදෙන ලෙසට පොලිස් විමර්ශන ඒකකය විසින් දැනුම් දී තිබුණද ඔහු විසින් පොලිසියට ලබාදී ඇත්තේ ඔහුගේ බිරිඳගේ ජංගම දුරකථනයයි.

නමුත් සෙසු ක්‍රීඩකයන් විසින් සිය ජංගම දුරකථන විමර්ශන සඳහා පොලීසියට ලබා දී තිබුණි.