සචිත්‍ර අදත් මඟහරී

Picture of අසංක

අසංක

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද දිනයේ ක්‍රීඩා වැරදි පිළිබඳ සොයා සොයා බැලීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත කැඳවා තිබූ නමුත් ඔහු එහි නො පැමිණි බව වාර්තා වේ.

මෙම විමර්ශන ඒකකයේ කැඳවීම් සඳහා සචිත්‍ර සේනානායක මෙලෙස නොපැමිණ සිටියේ තුන් වැනි වරටයි.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය පැවැත්වෙමින් තිබියදී colombo kings කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට ඔහු විදේශයක සිට ලබාදුන් සැකකටයුතු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව එම පොලිස් ඒකකය විසින් මෙම කැඳවීම කර තිබුණි.

මේ සම්බන්ධයෙන් වූ පැමිනිල්ල යොමු කර ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිනි.

අදාල ක්‍රීඩකයන් දෙදෙනාගෙන් ද පොලිසිය මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇත.

එම ක්‍රීඩකයන්ගේත් සචිත්‍රගේත් ජංගම දුරකථන පවා එම පොලිස් ඒකකය බාරයට මේ වන විටත් ගෙන තිබේ .

සජිත්‍ර ඔහුගේ දුරකථනය ලෙස සඳහන් කර භාරදී ඇත්තේ වෙනත් අංකයක දුරකථනයක් බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

සචිත්‍ර සේනානායකට ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින්නැයි මුලින්ම දැනුම් දෙන්නේ දෙන්නේ ඉකුත් 15 වැනිදාය.

එහිදී ඔහු සිය නීතිඥවරුන් මගින් කාලය ඉල්ලා සිටීමක් හේතුවෙන් ඔහුට අද දිනය ලබාදී තිබේ .