දම්පත් රණසිංහ
ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ක්‍රීඩා වැරදි පිළිබඳ සොයා සොයා බැලීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය වෙත පෙනී සිටීම තුන්වැනි වරටත් ඊයේ (24) දිනයේ මගහැර තිබේ.
මෙම විමර්ශන ඒකකයේ ඔහුට මීඨ පෙර ද දෙවතාවක් කැදවා තිබූ නමුත් ඒ අවස්ථා දෙකේදීම ඔහු පැමිණියේ නැත.
ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලිය පැවැත්වෙමින් තිබියදී colombo kings කණ්ඩායමේ ක්‍රීඩකයන් දෙදෙනකුට ඔහු විදේශයක සිට ලබාදුන් සැකකටයුතු දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් කරන ලද විමර්ශනයකට අදාළව එම පොලිස් ඒකකය විසින් මෙම කැඳවීම කර තිබුණි.
මේ සම්බන්ධයෙන් වූ පැමිනිල්ල යොමු කර ඇත්තේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසිනි.
අදාල ක්‍රීඩකයන් දෙදෙනාගෙන් ද පොලිසිය මේ වන විට ප්‍රකාශ ලබාගෙන ඇත.
එම ක්‍රීඩකයන්ගේත් සචිත්‍රගේත් ජංගම දුරකථන පවා එම පොලිස් ඒකකය බාරයට මේ වන විටත් ගෙන තිබේ .
සචිත්‍ර ඔහුගේ දුරකථනය ලෙස සඳහන් කර භාරදී ඇත්තේ වෙනත් අංකයක දුරකථනයක් බවද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
සචිත්‍ර සේනානායකට ක්‍රීඩා වැරදි සම්බන්ධයෙන් විමර්ශන පවත්වන විශේෂ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින්නැයි මුලින්ම දැනුම් දෙන්නේ දෙන්නේ ඉකුත් 15 වැනිදාය.
එහිදී ඔහු සිය නීතිඥවරුන් මගින් කාලය ඉල්ලා සිටීමක් හේතුවෙන් ඔහුට ඊයේ (24) දිනය ලබාදී තිබේ .