කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව පසුගියදා තහවුරු කරගෙන තිබූ හිටපු ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.
කොවිඩ් රෝග ලක්ෂණ පහළවීම හේතුවෙන් ඔහු රෝහල්ගත කිරීමට තීරණය කර ඇති අතර කෙසේ නමුත් ඔහුට බරපතල රෝගී තත්වයක් නොමැති බවද වාර්තාවේ .
සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සචින් පවසන්නේ ආරක්ෂාකාරී පියවරක් ලෙස රෝහල්ගත වීමට තීරණය කළ බවය. දින කිහිපයක් තුළ නැවත නිවසට යාමට හැකිවනු ඇති බවත්, තමා වෙනුවෙන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළ, යාඥා කළ සියලු දෙනාටම ස්තුතිවන්ත වන බවද ඔහු සඳහන් කර ඇත
පසුගියදා නිමාවට පත් වූ රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියෙන් අනතුරුව ඉන්දීය ප්‍රවීණයන්ගේ කණ්ඩායම නියෝජනය කළ සචින් ඇතුළු ක්‍රීඩකයන් සිව් දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබිණි.