සජබ නව නිලධාරීන් පත්කරයි – සභාපති ධුරය SFට

Picture of අසංක

අසංක

සමගි ජන බලවේගය පක්ෂයේ ප්‍රථම කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) රැස්වීමෙන් අනතුරුව පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය පත්කරගෙන තිබේ.

ඒ අනුව නව නිලධාරී මණ්ඩලයට පුද්ගලයින් 31 දෙනෙකු පත්කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතාගේ පක්ෂ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ මහලේකම් ධූරය රංජිත් මද්දුමබණ්ඩාර මහතාට හිමි විය.

පක්ෂ සභාපතීත්වය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට පැවරිණි.

තිස්ස අත්තනායක මහතා ජාතික සංවිධායකවරයා ලෙස පත් කෙරේ.

සමගි ජනබලවේගය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් 6 දෙනෙකු එනම් ලක්ෂන් කිරිඇල්ල, කබීර් හෂීම්, ඉමිතියාස් බාකීර් මාකර්, රවින්ද්‍ර සමරවීර, රාජිත සේනාරත්න සහ කුමාර වෙල්ගම යන අය පත් කර ඇත.

නව නිලධාරී මණ්ඩලයට උප සභාපතිවරු 8 දෙනෙකු පත්කෙරිණි.

භාණ්ඩාගාරික තනතුරට ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත්කර ඇත.

ඉරාන් වික්‍රමරත්න මහතා පර්යේෂණ සහ සංවර්ධන ලේකම් ලෙස පත්කර තිබේ.

ජාත්‍යන්තර කටයුතු ලේකම් ලෙස නිරෝෂන් පෙරේරා ද විධායක නිලධාරිවරයා ලෙස අජිත් පී පෙරේරා ද පත්කර ඇත.

ෆර්හාන් කාසිම් සහ තිසත් විජයගුණවර්ධන නීති ලේකම්වරුන් ලෙසත් නියෝජ්‍ය ලේකම් තනතුරු 4ක් ද පත්කර තිබේ.

බුද්ධික, රංජිත් අලුවිහාරේ, ජේ.සී අලවතුවල යන මහත්වරුන් පතකර තිබෙන්නේ නියෝජ්‍ය ජාතික සංවිධායකවරුන් ලෙසය.

පාඨලී චම්පික රණවක මහතාගේ ඉල්ලීම පරිදි එම පක්ෂයේ සාමාජිකත්වය ලබාදුන් බව මහලේකම්වරයා මාධ්‍ය වෙත පැවැසීය. කෙසේවෙතත් එම නිලධාරී මණ්ඩලයේ කිසිදු තනතුරක් චම්පික රණවක මහතාට හිමි නොවීය.