ජනාධිපතිවරණයේදී කුමන අපේක්ෂකයාට සහය දිය යුතු ද යන්න සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව තීරණය කිරීමට දෙමළ දේශපාලන පක්ෂ සූදානම් වෙයි.
දෙමළ දේශපාලන පක්ෂ නායකයින්ගේ සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පැවැත්වූ අවස්ථාවේදී මේ බව සාකච්ඡා වී තිබේ.
ඒ යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දී ය.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුමක් ඉදිරිපත් කරන පාර්ශවය වෙත මැතිවරණයේදී සහය පළකිරීම දෙමළ දේශපාලන පක්ෂයේ ස්ථාවරයයි.