සජිත්ට එජාපෙ සියල්ලන්ගේම සහය

Picture of අසංක

අසංක

විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් යුතු නව දේශපාලන සංධානයට සහය ලබාදීමට , එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයින් එකඟතාව පළකර ඇති බව එම සංධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටී.

ඒ අනුව මෙම නව සන්ධානයේ දේශාපාලන කටයුතු කඩිනමින් ආරම්භ කරන බවද රංජිත් මද්දුමබණ්ඩාර මහතා අප වෙබ් අඩවිය වෙත පැවසීය.

සංධානයේ නව සළකුණ සහ තනතුරු ඉදිරියේදී ප‍්‍රකාශයට පත්කරන බවද මහලේකම්වරයා මෙහිදී පැවසීය .