නවතම පුවත්

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් නව සභාපතිවරයා ලෙස ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පත්වෙයි.

පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

දිවයිනේ සීඝ්‍රයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වශයෙන් අන්තර්ජාතික සම්මානයට පාත්‍ර සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික පොලිස්පති ආචාර්ය ජයන්ත වික්‍රමරත්න මහතා පත්ව තිබේ.
කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන මේ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ගෞරව උපාධියක් ලබා තිබේ. 1968 වර්ෂයේදී තරඟ විභාගයකින් ශ්‍රී ලංකා පොලිස් සේවයට සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස එක්වූ වික්‍රමරත්න මහතා තිස්වසරක් පුරාවට ශ්‍රී ලංකාව ගිලගෙන තිබූ සිවිල් යුද්ධයේ අවසන් තීරණාත්මක කාලසීමාවේ එනම් 2008 දී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පොලිස්පතිවරයා ලෙස පත්විණි. එම කාලසීමාවේ මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් එතුමන් තුල වූ කැපවීමට කෘතවේදීත්වය පිරිනමමින් 2009 දී කැලණිය විශ්වවිද්‍යාලය මගින් එතුමන් වෙත ගෞරව ආචාර්ය පදවියක් ද පිරිණමන ලදි.
පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතරුව ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස සහ අල්ලස් හා දූෂණ විමර්ශන ස්වාධීන කොමිෂන් සභාවේ කොමසාරිස්වරයෙකු ලෙසද, කාන්තා හා ළමා කටයුතු අධිකාරියේ සහ ජාතික අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙසද කටයුතු කර ඇත.
2017 වර්ෂයේදී සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමට අධ්‍යක්ෂක වරයෙකු ලෙස එක්වන මේ මහතා එහි හිටපු සභාපති ටී.කරුණාසේන මහතා 2022.06.01 වන දින විශ්‍රාම ගැනීමත් සමඟ සමාගමෙහි සභාපතිවරයා ලෙස පත්විය. කොළඹ, කොල්ලුපිටියේ පිහිටි සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් ප්‍රධාන කාර්යාලයේදි පැවැති චාම් උත්සවයකදී ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාද මැද පසුගිය දිනෙක වික්‍රමරත්න මහතා සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදි.
සණස ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙණිය මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජික, සාමාජිකාවන් සහ කාර්යය මණ්ඩලයද එක්ව සිටියහ.

image-51
බොලිවුඩ් ජයගත් ජැක්ලීන් හොලිවුඩයට !
image-49
ප්‍රභාකරන්ගේ දියණිය AI තාක්ෂණයෙන් ව්‍යාජව මතුවේ !
image-48
පිළිකා එන්නතෙනුත් කෝටි 11ක් වංචා කරලා !
image-47
රැඩිකල් ආර්ථික ප්‍රතිව්‍යුහගතකිරීමක් !
1111-2
විදේශ සේවාවෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 7ක්!
occ
‍IMF දෙවැනි වාරිකයට අවශ්‍ය ණය සහතිකයට එකඟතාව ලැබෙයි
economy sri lanka
ණයහිමියන්ගෙන් ශ්‍රී ලංකාවට සහනයක්
deshabandu thennakoon
වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්
Ranil_Wickremesinghe
ශ්‍රී ලංකාව 'හරිත ආර්ථිකයක්' කරා !
image-45
ලන්දේසීන් පැහැරගත් කෞතුක භාණ්ඩ යළි මෙරටට ගෙනේ !