සති 2ක් තුළ අමෙරිකාවේ දරුවන් ලක්ෂයකට කොවිඩ්

Picture of අසංක

අසංක

ජූලි මස අවසාන සති දෙක තුල පමණක් ඇමරිකාවේ දරුවන් ලක්‍ෂයකට ආසන්න පිරිසකට Covid 19 වෛරසය ආසාදනය වී තිබෙන බව වාර්තා වෙ.

ඒ අනුව එම දින 14ක කාලය තුල 97000 අධික ඇමෙරිකානු දරුවන් පිරිසකට වෛරසය වැළදී ඇත.

ඇමරිකානු ළමා රෝග පිළිබඳ ඇකඩමිය සහ ළමා රෝහල් සංගමය විසින් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක් මඟින් මේ බව අනාවරණ වී තිබේ. රට පුරා කරන ලද අධ්‍යයනයකින් තහවුරු වී තිබෙන්නේ එම සති දෙක තුළ වෛරසය ආසාදනය වූ ළමා රෝගීන් 40%න් වැඩි වී ඇති බවය.

ඒ අනුව දරුවන් හා තරුණයින් අතර වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකළ යුතුව ඇති බවයි රෙරට සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී තිබෙ

පසුගිය මැයි මාසයේ සිට මේ දක්වා වෛරසය ආසාදනය වීමෙන් දරුවන් 86 දෙනකු පමණ මිය ගොස ඇති අතර ජෝජියාවේ වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකු ලාබාලතම කොරෝනා වෛරස් ගොදුරක් බවට පත්ව තිබේ.