සන්ධානයේ පක්ෂ 20ක සහය ගෝඨාට – අමරවීර

Picture of අසංක

අසංක

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග එක්ව සිටින දේශපාලන පක්‍ෂ 20කට අධික සංඛ්‍යාවක් ඉදිරියේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් අත්වැල් බැඳගනීමට නියමිත බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටී

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රධානතම පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය , ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ඉදිරිපත් කිරීමත් සමග එම සන්ධානයට එක්ව සිටින සෙසු පක්ෂද මෙලෙස රාජපක්ෂ මහතාට සහය ලබාදීමට ඉදිරිපත්වන බව කොළඹදී අද පෙරවරුවේ පවතී මාධ්‍ය හමුවකදී අමරවීර මහතා පැවසීය .

ශ්‍රීලනිපයේ බිම්මට්ටමේ දේශපාලනඥයින් ද කිසිදු ගැටලුවකින් තොරව ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ඉදිරිපත්වන බවද ඔහු පැවසීය