සඳ මත පර්යේෂණාගාරයක් ඉදිකිරීමට රුසියාව හා චීනය ඒකාබද්ධවේ .

Picture of පැතුම් වික්‍රමරත්න

පැතුම් වික්‍රමරත්න

සඳ මත පර්යේෂණාගාරයක් ඉදිකිරීමට අදාළව  චීනය හා රුසියාව අතර අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් තැබිණ .

රුසියාවේ, රොස්කොස්මක් (Russian space agency Roscosmos) යන අභ්‍යාවකාශ ආයතනය සහ චීනයේ ජාතික අභ්‍යාවකාශ ආයතනය (The China National Space Administration – CNSA) අතර මෙම ගිවිසුම අත්සන් තැබිණු අතර  ජාත්‍යන්තර චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානය නමින් මෙය ඉදිරියේදී ඉදිවීමට නියමිතය .

මෙම පර්යේෂණ මධ්‍යස්ථානය මිනිසුන්ගෙන් තොර පර්යේෂණාගාරයක්.ලෙස ඉදිකෙරෙනු ඇති අතර  ඉදිරියේ මෙම පර්යේෂණාගාරය නව පර්යේෂණ රැසකට මග පෙන්වනු ඇති බව චීන රජය සඳහන් කර ඇත ..