සබීතා, වංචා හොයන ජනපති කොමිසමට

Picture of අසංක

අසංක

වත්මන් රජය සමයේ රාජ්‍ය ආයතනවල වංචා හා දූෂණ සොයන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවට අද (01) දින ජනප්‍රිය නිළි සබීතා පෙරේරා මහත්මිය කැඳවා ඇත.

කෘෂිකර්ම අමාත්‍යාංශයට කුලි පදනම මත බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධ විමර්ශනයට අදාළව එසේ අය කොමිසමට කැඳවා ඇති බව වාර්තාවේ.
.
ගොඩනැගිල්ල බදු දීම සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව පිළිබඳව මේ වන විට කොමිසම හමුවේ පරීක්ෂණයක් ක්‍රියාත්මක අතර සබීතා පෙරේරා මහත්මිය අද කොමිසම හමුවේ ප්‍රකාශය ලබා දෙන්නේ එම ගොඩනැගිල්ලේ අයිතිකාර පාර්ශවය නියෝජනය කරමිනි.

අදාළ ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා රුපියල් මිලියන 21 ක මාසික කුලියකට ලබා ගන්නා අවස්ථාවේදී අයිතිකාර පාර්ශවය වෙනුවෙන් එම ගිවිසුමට අත්සන් තැබූ අයෙකු ලෙස වාර්තා වන්නේ සබීතා පෙරේරා මහත්මියයි.