සම්බා සහ නාඩුවලට හැරිසන් මිල එයි

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ලබන අප්‍රේල් මස පළමු වෙනිදා සිට නාඩු සහල් කිලෝවක මිල රුපියල් 80 ලෙසද සම්බා සහල් කිලෝවක් රුපියල් 85 උපරිම සිල්ලර මිලකට අලෙවි කිරිමට අදාලව රජයේ ගැසට් පත්‍රයක් නිකුත් කරන බව කෘෂිකර්ම ඇමති පී හැරිසන් මහතා සදහන් කරයි.

වී ගොවියා රැකගැනිමේ අරමුණින් පෞද්ගලික වී මෝල් හිමියන්ගේ එකගතාවය මත අදාල තීරණය ගත් බවද හැරිසන් මහතා පවසයි. එහිදී වී ගොවියාගෙන් නාඩු වී කිලෝවක් රුපියල් 38 කටද  සම්බා වී කිලෝවක් රුපියල් 41 ක මිලකටද මිලදී ගැනීමට වී මෝල් හිමියන් එකග වූ බවද ඇමතිවරයා පැවසීය.

ඉෂාර රත්නකාර