කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගන්නා රෝගීන් අතරින් වෛරසය සමාජයට බෝවීමේ අවධානමක් නොමැති පුද්ගලයින් තෝරාගෙන, ඔවුන්ව දින 14ක් රෝහල් ගත ප‍්‍රතිකාර ලබාදීමෙන් පසු සිය නිවෙස් වෙත පිටත්කර යැවීමට රජය තීරණය කර ඇත.
ඒ අනුව මෙලෙස නිවෙස් වෙත පිටත් කර හරිනුයේ කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන රෝගීන් වන අතර එවැනි රෝගීන් ආසාදිත බවට තහවුරු වී දින 14ක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු යළිත් පී සී ආර් පරීක්ෂණයක් සිදු කිරීමකින් තොරව සිය නිවෙස් වෙත පිටත්කර හරිනු ඇත.
මීට පෙර සිදුවූයේ දින 14ක් ගතවීමෙන් පසුවද එම රෝගීන්ගෙන් දිගින් දිගටම පී සී ආර් පරීක්ෂණ සිදු කරමින් කොරෝනා වෛරසය ශරීරයේ නොමැති බවට අවසන් පරීක්ෂණ වාර්තා දෙකෙන් තහවුරු වන තෙක් ඔවුන් රෝහල්ගතව තැබීමය.
මෙම ක‍්‍රමවේදය තුළින් එවැනි පුද්ගලයින්ට අනවශ්‍ය ලෙස රෝහල්ගතව සිටීමට සිදු වීම වැළැක්විය හැකි බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා මාධ්‍ය වෙත පැවසීය.
කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගන්නා රෝගීන්ගෙන් වෛරසය සමාජයට බෝවීමේ අවධානමක් නොමැති, බවත් ගුණවර්ධන මහතා මෙහිදී පැවසීය.
කෙසේ වෙතත් එම පුද්ගලයින්ට රෝහලෙන් පිටවූ පසු නිවසේ යලි දින 14ක් නිරෝධායනය වීම අනිවාර්ය කර ඇත.