සමාජ ජාලවල කටකතා ගියාට සංචරණ සීමා දිගු කිරීමට තවම තීරණයක් නෑ – හමුදාපති

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

ප්‍රබෝධා හෙට්ටිආරච්චි

ලබන 14 වනදායින් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එම දිනයෙන් පසුව සංචරණ සීමා දීර්ඝ කිරීමට නියමිත බවට සමාජ මාධ්‍යවල සංසරණය වන අසත්‍ය පුවත් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ බව පැවසීය.

දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ජූනි 14 වන දින උදෑසන 4ට ඉවත්කිරීමට නියමිතය.