නුගේගොඩ සමුද්‍රදේවි බාලිකා විද්‍යාලයයේ 2024 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට නවක දරුවන් ඇතුළත් කිරීමේ නිල උත්සවය 2024.02.22 දින පැවැත්වුණා. ඒ ගංගොඩවිල වනාත පාර යන ලිපිනයේ පිහිටි එම විද්‍යාලීය, ප්‍රාථමික අංශයේ දී. විද්‍යාලීය විදුහල්පති එන්.පී සුරේකා සිරිවර්ධන, ශ්‍රි ජයවර්ධනපුර කලාපයේ නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂක පාලන- මෙත්සිලා රත්නායක, නුගේගොඩ කොට්ටාශ අධ්‍යාපන අධ්‍යක්ෂක ධම්මි සුජීවනී කොඩිකාරආරච්චි යන මහත්මින්ගේ ප්‍රධානත්වයෙන් එය පැවැත්වූ අතර, කලාපීය අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් , ගුරුවරුන්, දෙමාපියන් සහ විද්‍යාලීය දරුවන් විශාල පිරිසක් ඊට එක්ව සිටියා.

පාසල් ජීවිතයට එළඹෙන දියණියන්ගේ දෙවැනි සංවර්ධන අවධිය පාසල තුළින් අරඹන්නත්, දරුවාගේ අනාගතය සුරක්ෂිත කර, රටට වැඩදායි පිරිසක් බිහි කරන්නට සමුද්‍රදේවි බාලිකා විද්‍යාලය නිරන්තරයෙන් කැපවී සිටිනවා. අප ජීවත්වන ලෝකයට වඩා අපේ දරුවන්ට, හෙට දවසේ විවර වන ලෝකය යහපත් කිරීම, ක්‍රියාත්මක වන වැඩසටහන්වල අරමුණයි.
මූලික අධ්‍යාපන අවධිය ගත කරන දරුවන්ට, පාසල තුළ සතුටු හා ප්‍රියජනක ලෙස ගතකිරීමට අවශ්‍ය ශක්තිමත් අඩිතාලමක් දැමීමටත්, නිරීක්ෂණය හා ගවේෂණයට පෙළඹවෙන ස්වයං ඉගෙනුම සඳහා වැඩසටහන් රැසක් විද්‍යාලය තුළ ක්‍රියාත්මක කරනවා.




