සයින්දමරුදු නගර සභාව අහෝසියි

Picture of අසංක

අසංක

සයින්දමරුදු වෙනම නගර සභාවක් ලෙස ප්‍රකාශයට පත්කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා නිවේදනය කළේය.

හෙතෙම පෙන්වාදෙන්නේ රට පුරා මෙවැනි තත්ත්වයන් නැවත සළකා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවට කැබිනට් මණ්ඩලය තීරණය කළ බවයි.

ඒ අනුව සයින්දමරුදු නගර සභාව අහෝසි කරමින් ඉදිරියේදී ගැසට් නිවේදයක් නිකුත් කරනු ඇත.