සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන දෙක ලබාදෙන ප්‍රදේශ මෙන්න

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2 තොගයෙන් ලක්ෂ 05ක් ගම්පහ දිස්ත්‍රික්කය සඳහා ලබාදීමට නියමිත අතර කළුතර දිස්ත්‍රික්කය සඳහා ලක්ෂ 03ක්, කොළඹ හා කුරුණෑගල දිස්ත්‍රික්ක සඳහා ලක්ෂ 02 බැගින් ලෙස ලබාදීමට නියමිතයි.
සෙසු එන්නත් මාත්‍රා ගාල්ල, මාතර, හම්බන්තොට, අනුරාධපුර, නුවරඑළිය, රත්නපුරය, බදුල්ල හා මාතලේ දිස්ත්‍රික්කවලට ලක්ෂය බැගින් ලෙස බෙදාහැරීමට නියමිත බව ඖෂධ සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන සඳහන් කර සිටියේය.