සයිනොෆාම් මගින් ඩෙල්ටා ප්‍රභේදයට එරෙහි සුවිශේෂී රැකවරණයක්

Picture of උමංග බණ්ඩාර

උමංග බණ්ඩාර

පැතුම් වික්‍රමරත්න

සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත මඟින් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ඉතා සුවිශේෂී රැකවරණයක් ලැබෙන බව දේශීය ව සිදුකළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත .

, මේ සතියේ මුල් දින කිහිපය තුල එම පරීක්ෂණයට අදාළ වාර්තා එළිදැක්විය හැකි බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය . මෙය එම චීන එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ට ඉතා සතුටුදායක පුවතක් වනු ඇති බවද ඒ මහතා පැවසීය .

ඒ අනුව සයිනොෆාම් එන්නත ලබාගත් මෙරට පුද්ගලයින්ට , ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයට අදාලව විශේෂ රැකවරණයක් ලැබෙන බවද රාජ්‍ය අමාත්‍යවරයා මාද්‍ය වෙත සඳහන් කළේය.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම් යටතේ රැපිඩ් ඇන්ටිජන් කට්ටල තොගයක් ලංකාවට ලැබී ඇතැයි ද පැවසු චන්න ජයසුමන මහතා, එන්නත් සඳහා වැයවන වියදම ණයක් ලෙස ආසියානු සංවර්ධන බැංකුව විසින් ලබාදීමට නියමිත බව ද පැවසීය.