සහරාන්ගේ අන්තවාදී පුහුණුව ලැබූ තරුණියක් අත්අඩංගුවට

Picture of අසංක

අසංක

පාස්කු ඉරැදින බෝම්බ ප්‍රහාර මාලාව මෙහෙයවූ සහරාන්‌ හෂීමි නැමැත්තාගේ
අන්තවාදී පුහුණු පන්තිවලට සහභාගී
වු තරුණියක්‌ අත්‌අඩංගුවට ගෙන
තිබේ.

‌සහරාන්‌ විසින්‌ කාන්තාවන්‌ පිරිසක්‌ ද සිය අන්තවාදී සංවිධානයට බඳවාගෙන යම් පුහුණුවක්‌ ලබාදී ඇති බවට මීට පෙර අනාවරණය වී තිබුණි.

මෙලෙස අත්‌අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරැදු 24ක්‌ වු මාවනැල්ල, හිඟුල ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා
ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය මඟින්‌
සිදුකළ විමර්ශනයක්‌ අනුව ඇය
අත්‌අඩංගුවට ගෙන ඇත.